ගෑස් සිලින්ඩර පිපිරෙන තැන වගේම ගෑස් භාවිතා කරන උපාංග පිපිරෙන තැන ජාතික ආරක්ෂාවක් නැති බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
හික්කඩුවේ නිපෝන් විලා හෝටලයේ ඊයේ (1) සන්ධ්‍යා කාලයේ පැවති ජන හමුවක් අමතා ප්‍රේමදාස මහතා එසේ කීවේය.
එහිදී තවදුරටත් කතා කළ ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
හොදට මතක තියා ගන්න ජාතික ආරක්ෂාව කියන්නේ පැති කඩ ගණනාවක් තියෙන මතෘකාවක්.අධ්‍යාපනය නැති තැන ජාතික ආරක්ෂාව නැහැ.සෞඛ්‍ය නැති තැන ජාතික ආරක්ෂාවක් නැහැ.මිනිස්සුන්ට කන්න බොන්න බැරි තැන ජාතික ආරක්ෂාවක් නැහැ.
ගෑස් සිලින්ඩර පිපිරෙන තැන ගෑස් භාවිතා කරන අංගෝපාංග පිපිරෙන තැන කොයින්ද ජාතික ආරක්ෂාවක්.මේ ප්‍රශ්නයට විසදුම ලබා ගන්නට බැරි පුද්ගලයින්ට තමයි හැටනව ලක්ෂයක් චන්දය දුන්නේ.මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ රට නිවැරදි මාර්ගයට ගෙනියන්න සැමට සෞභාග්‍ය උදා කරන්න,සැමට නිවැරදිව සේවය කරන්න පුලුවන් සමගි ජන බලවේගයේ අපිට පමණයි.ඒ නව යුගය උදා කරන්න වෙන කාටවත් බැහැ.
කරන්දෙනිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික