දහම් පාසල අනිවාර්යය කළ යුතුයි - නමට බෞද්ධකම වැඩක් නෑ - මහින්ද
අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක ඒ අපරාධකරුවා මාධ්‍ය මගින් වීරයෙක් බවට පත් කිරීමේදී සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ගලයා වගේ වුණොත් පත්තරේ වැටෙනවා. ටෙලිවිෂන් එකේ පෙන්වනවා කියලා එම නිසා ඒවායෙන් මාධ්‍යයත් ඈත් විය යුතුව තිබෙන බව හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය .
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ 23 වනදා සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,
''අපරාධකරුවා පිළිබඳව අනවශ්‍ය වීරත්වයක් ගොඩනගලා සමාජය ඔහු පිළිබඳව බලන විදිය වෙනස් කරන්න හදන එක වැරදියි බවත් ඒ හේතුවෙන් තරුණයන් වැරදි මත ඇති කරගන්න බවයි .
''අපි පන්සල මුල් කරගෙන වෘත්තීය පුහුණු ඒකකය, නැණ සැල වැනි ආයතන ආරම්භ කළා. ඊට හේතුව වුණේ පන්සල දරුවන් සහ තරුණයන් වඩාත් ළංකිරීමයි. දහම් පාසල අනිවාර්ය කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. දහම් පාසල අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත් කළ යුතුයි. නමට බෞද්ධයො වෙලා ඉඳලා වැඩක් නෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි.
''අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් අපි සමාජය තුළ ඇති කළා. අපි භීෂණයට යටවෙලා හිටපු මිනිස්සු. ඒක අපේ තරුණයන්ට, අම්මලා තාත්තලාට අමතක වෙලා. අපි ඒ භීෂණයෙන් රට මුදවාගෙන තියෙනවා. බයක් නැතිව ජීවත් වෙන්න, යාපනයට යන්න, දකුණට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කළ බවද විපක්ෂ නායක වරයා මෙහිදී කියා සිටියේය .
'' ප්රභාකරන් යුද්ධයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච දේ යම් කෙනෙක් කොල කෑල්ලකින් ලබාගන්න සූදානම් වෙනවා නම් එයට මේ සමාජයේ ඉඩක් නැතෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා රට තුළ වෙන්නෙ මොනවද කියලා කියන දේ විතරක් පිළිගන්න එපා. බලලා දැනුම ලබාගෙන ඇත්තද නැත්තද කියලා බලලා පිළිගන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.''

popular news
-
rocky Sunday, 24 February 2019 12:11 PM
ඔබතුමා වුනත් ලේබල් බවුද්ධයෙක් පමණක් බව කවුරුත් දන්නවා. දහම් පාසල් කොච්චර තිබුනත් ධර්මය කොච්චර ඉගැන්නුවත්, ධර්මය පිළිපදින බවුද්ධයන් මේ රටේ ඇති කරන්න බහ, ඔබ වගේ දේශපාලකයන් සිටින තුරු!
Reply : 0 0
chithrananda Monday, 25 February 2019 05:53 AM
ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා.හාමු මහත්තයාගේ දකුණු අතේ දාගෙන ඉන්න ගැජට් වලට අනුව බුදු රජාණන්වහන්සේ දේශනා කරන ලද දර්ශණය පිළිගත් බවක් නොපෙනේ.
Reply : 0 0
chathuri Monday, 25 February 2019 08:42 AM
බෞද්දගමේ කියල. පන්සල් ගිහින් පන්සල් දේශ පාලන රැස්වීම් කරන තැනක් විදියට. පාවිච්චි නොකරන්න ඊට වැඩිය හොඳයි නොගිහින්. හිටියම ලොකු උන් කරනදේ තමයි දරුවෝ ලොකු වෙලා කරන්නේ කවදාවත් මුස්ලිම් ජාතිකයින් මේ දේ කරනවද නැහැ සේරම පව්. වැඩ කරන්නේ බෞද්දය ඊට පසු පොඩි උන්ට. කෙලින්. යන්න කියනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

