දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් සහ වෙනම අමාත්‍යවරයෙක් පත් කර ඇති බවත් ඉදිරියේදී දහම් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
දහම් පාසල් වල භෞතික සම්පත් මෙන්ම දහම් පාසලට නොඑන දරුවන් දහම් පාසලට ගෙන්වා ගැනීම දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වර්ෂයකට එක් වරක් රු 5000/ බැගින් වූ දහම් පාසල් ගුරු දීමනාව ලබා දීම , ගුරු නිළ ඇඳුම් ලබා දීම, ගුරුවරු සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම, සාමාදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීම ,බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සමග එක්ව ඩිප්ලෝමා ලබා දීම ,පාලි භාෂා ප්‍රවර්ධන වැඩසටහන්, වෛද්‍යාධාර ලබා දීම වැනි වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වෙන බව අමාත්‍යවරයා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

