දිවයිනේ ඕනැම පළාතකට බෙදා හැරීමට තරම් එළවළු තොග ලබාදීමට හැකියි
දිවයිනේ ඕනැම පළාතකට බෙදා හැරීමට තරම් එළවළු තොග නුවරඑළියේ ඇති බවත්, අවශ්‍ය ඕනෑම අයෙක් ඉල්ලිම් කරන්නේ නම් එළවළු තොග ලබාදීම සඳහා නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බැව් සඳහන් කළේ,කෘෂිකාර්මික කටයුතු සඳහා ඇඳිරි නීතිය මගින් අවසර ලබා දී ඇති නිසා නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානය වෙත එළවළු තොග රැගෙන එම සිදුවන බවය.
මේ පිළිබඳව අදහස් දැක්වූ නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානයේ කළමණාකරු ආර්.එම්. බණ්ඩාර මහතා සඳහන් කළේ, අවශ්‍ය එළවළු තෙගය පිළිබඳව උදැසනම ඇණවුම් කරන්නේ නම් ගෙවියන් දැනුවත් කර අවශ්‍ය එළවළු තොගය නැවුම්ව සවස වන විට රැස්කර තැබිය හැකි බවත්, සවස ලබාදෙන තොග ඇණවුම් සඳහා පසු දින උදැසන ලබාදීම කළ හැකි බවත්ය.
විමසීම් සඳහා පහත අංක වෙත ඇමතිමක් සිදුකරන ලෙස ද නුවරඑළිය ආර්ථීක මධ්‍යස්ථානයේ කළමණාකරු ආර්.එම්. බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
,
නුවරඑළිය
දු.ක.අංකය: 0770130332/0727753775052-2223176
ෆැක්ස් අංකය : + 94 052-2223176

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

