දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති .
ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 දින රැගෙන යාමත් අස්වනු නෙලීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද 24 දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති .
වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත් හේතුවවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කරති .
නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක ,වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය , දේශීය බිජ ලබාදී කාබනික වගාවට යන්නේනම් මේ හානිය අවම වන බව ගොවින් පෙන්වාදෙති .
එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවය ,ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුල සාගින්නක් ඇති නොවන බව පෙන්වා දුන්නේය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 22 දින උදේ සහ 24 දින එළවළු කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
වර්ගය 2021.12.22 මිල 2021.12.24 මිල
ගෝවා 280 -300 120-140
බෝංචි 250- 280 190-250
ලීක්ස් 200-250 190 -210
කැරට් 370 -380 250-300
තක්කාලි 260-280 200 -220
රාබු 70 -100 50-60
නෝකෝල් 150-160 130-140
කැකිරි 85 -100 90-100
පිපිඤ්ඤා 85 -90 60-70
වැලිමඩ අර්තාපල් 180- 190 140-150
ආනයනය අර්තාපල් 180 – 185 145-160
වැටකොළු 180-200 150 -170
කරවිල 230-230 160-200
වට්ටක්කා 40-60 60-65
වම්බටු 260 -270 160-200
එළබටු 280 -300 250-270
දඹල 190-200 150-170
මෑකරල් 180 -200 150 -190
මාළු මිරිස් 550-.600 400-600
අමුමිරිස් 670 -700 450 -550
ලොකු ලූනු විදේශීය 190 -200 230.-250
ලොකු ළූණු දේශීය 200- 270 250-280
බතල 100- 110 85 -90