මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පක්ෂය නිල වශයෙන් මේ වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ජනහමුවක් ඊයේ (29)) දින මුලතිව්හි කුමලමුනෙහි පැවැත්විමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්දරාසා ඇතුළු පිරිසක්ද සහභාගී විය.
එහිදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් අසා සිටියේ,
‘පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විසින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බවට සෘජුවම හා වක්‍රව ප්‍රකාශ කරලා තිබුණා ඒ වගේම බලය බෙදීමේ ක්‍රියාවලිය ඒකීය රාජ්‍යයක් තුළ සිදුකිරීමට හැකියි කියලා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා දැන ගන්න ලැබෙනවා එවැනි වාතාවරණයකදී දෙමළ ජාතික සන්ධානය මොනවගේ ස්ථාවරයකද ඉන්නේ,
එහිදී පිළිතුරු දුන් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ,
‘අපේ අවසන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කලා ඒ වගේම තමයි උතුරට ආපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් වලදී එතුමන්ට ස්තූතිය පළ කරලා සහාය ලබා දීම සාමාන්‍ය දෙයක් වෙනත් සහනයක් ලබාදෙන්න තවත් ඇමතිවරු හෝ කව්රුන් හරි ආවත් ඔවුන්ටත් අපි ස්තූතිය පල කරලා කතාකරනවා.
නමුත් එවැනි අවස්ථාවකදී විවිධ අයට විවිධ මත පලකරන්න අවස්ථාව තියනවා . නමුත් ජනාධිපතිවරණයේදී අපේ පක්ෂය විසින් කාටද සහය ලබා දෙන්නේ කියල නිල අවසන් තීරණයක් මේ වන තුරුත් අරන් නැහැ. කාටද සහාය පලකල යුත්තේ කියලවත් අවසන් තීරණයක් අරන් නැහැ. අපි සියලු අපේක්ෂකයින් සමග ඔවුන් කැමතිනම් සාකච්ඡා කරමු කියලයි අපි තීරණයක් අරන් තියෙන්නේ. එවැනි සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පැවත්වෙමින් තියනවා. ඒ සාකච්ඡා සියල්ල අවසන් වූ පසු ඔවුන් ගන්නා තීරණයට අනුව අපි තීරණයක් ගන්නවා කවුද සුදුස්සා කියලා. යනුවෙනි.
