දුම්රිය දෛනික ආදායම මිලියන 12කින් අඩුවෙයි
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවය දිනකට ඉපයූ මිලියන දාහතක් දහඅටක්ව තිබු දිනෙක ආදායම දිනකට මිලියන පහක් වන ලෙස අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවැසුවේ සාමාන්‍ය පරිදි කාර්යාලය දුම්රියන් වෙත එන මගීන්ගේ අඩුවක් නොමැති වුවත් දුර ගමන් සේවා වල මගීන්ගේ ගමනාගමනය විශාල ලෙසින් අඩු වී ඇති බවයි.
වැඩිම ආදායම් ඉපයූ බදුල්ල රාත්‍රී දුම්රිය, නුවර, කන්කසන්තුරේ, පොලොන්නරුව, බෙලිඅත්ත,යාපනේ යන දුම්රිය දුරගමන් සේවා දුම්රිය වල මගී ගමනාගමනය විශාල වශයෙන් අඩුවී ඇති බවත් ඇතැම් දුරගමන් සේවාවන්හි සතියේ දිනයන්හිදී මගින් හැට හැත්තෑවකට පමණ සීමා වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බවද ඔහු පැවසීය.
මගීන් නැවත දුම්රිය පොදු ප්‍රවාහනය වෙත අද්දවා ගැනීමේ විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

