දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ කිලෝමීටරයට සියයට 15ක් ලෙසයි
දුම්රිය ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එම්.ජේ. ඉඳිපොල මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 15%ක ගාස්තු ඉහළ යෑම සකස් කර තිබෙන්නේ කිලෝමීටරයකට අය කරන මුදල පදනම් කරගෙන බවයි.
එහෙත් ගාස්තුව සකස් කිරීමේදී ආසන්න රුපියල් 05ට ගාස්තුව සකස් කිරීමට යෑම, ආසන්න අගයට ගණන් සකස් කිරීමට යෑම සහ එක් එක් දුම්රිය ස්ථානයට තිබෙන දුර ප්‍රමාණයට අනුව සකස් කිරීමට යෑම නිසා සමහර ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් උදාහරණයක් දෙමින් ඔහු සඳහන් කළේ යම් ගාස්තුවක් රුපියල් 14කින් ඉහළ යනවා නම් එම ගාස්තුව රුපියල් 15ක් ලෙස සටහන් වන බවත්, එම ගාස්තුව රුපියල් 11 වුවද රුපියල් 15ක් අය කරන බවත් එම්.ජේ. ඉඳිපොල මහතා පවසා සිටියේය.

popular news
-
Champa Monday, 01 October 2018 09:40 PM
යකාගේ ගාස්තු හැදිල්ලක්නේ මේක. ඒ පාර කියනව කිලෝ මිටරයෙන් කිලෝ මීටරයටලු ගාස්තුව. රුපියල් 11 රවුම් කරහම රුපියල් 15 වෙන්නේ කොයි රටේද? ඔන්න රුපියල් 14.90 රවුම් කරහම නම් කිව්වැකි 15 කියලා. 11 රවුම් කරහම කොහොමද යකුනේ 15 වුනේ? අනිත් එක 11හෙ මොනවා රවුම් කරන්නද? යහපාලන රවුම් කිරිල්ලයි යහපාලන කිලෝ මීටරුයි. අහිංසක මගීන්ව හූරා කන්නේ කිසිම හිතක් පපුවක් නැතුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

