දුමින්දගේ සහායත් ගෝඨාට - දුමින්දගෙන් පොරොන්දුවක්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පැමිණියේය.
දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් සමග සුහද පිළිසදරකද නිරත වූහ.
එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියාසිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවද ඔහු ගෝඨාභය මහතාට පැවසීය.
ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමගද ගෝඨාභය මහතා සුහද පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් සහභාගී වූහ.
එප්පාවල - තිසර සමල්

popular news
-
ටෙලෙප්රෝම්ටර් Thursday, 10 October 2019 07:48 AM
ටෙලෙප්රෝම්ටර් නොමැති චතුර කතාවෙන් බිදක්. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නිදහසේ යෑම අවස්ථා ? ක්ෂුද්‍ර මුල්‍ය නය හා ගොවි ණය කපාහැරීම - ගොවි මහතුන් කවදත් දුප්පත් ? අනවතත් පොරොන්දු දේශපාලනය? රටින් කෘෂි බෝග ආනයනය? කුරක්කන් රටින් ගෙන්න පටන්ගත්තේ කවදද? ගොවොජනතව අතමිට සරුකරන ජනතාවක් අනුරපුරයේ පිරිදු පානීය ජලය නොමැති බව තේරුම් ගෙන ඇත. අනුරාධපුරයේ සම නිවසකට පානීය ජලය ලබාදෙන්න ක්‍රියාකරනවා - එදත් රතුපස්වල ජනතාවගේ දුක දැක ජලය දුන්න අලිමිනිස් ගැටුම අවසන් කරනවා. - අලි රොෂාන් ඉන්නවා. අබුත නඩු චෝදනා යටතේ හිරේ ඉන්න රණවිරුවා 17 වෙනිදා උදැසන නිදොස් කොට නිදහස් කරනවා. එදා මහින්ද රාජපක්ෂ පෙරොන්දු උන සිවිල් ආරක්ෂක හමුදාවට විශ්‍රාම වැටුප, කෙරුනේ නැහැ. අපු ගමන් කරනවා අපේ ඇමෙරිකන් ජනපති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

