දෙමෝදර ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් බවට ගැසට් කරයි
බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 වසරේදි පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර කාර්යාලයේ අද දින පැවති නිලධාරි හමුවකදී අමාත්‍යවරයා ඒ බව පැවසීය.
ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ආරාධනාවකට පැමිණි අමාත්‍යාවරයා එම ප්‍රදේශයේ සංචාරය කර පාලම සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ලෙස එය ජාතික උරුමයක් බවට පත්කිරීමට කටයුතු කර තිබේ.
1921 වසරේදි උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග ඉදිකළ පාලම අඩි 300ක් දිග,අඩි 25ක් පළල,අඩි 80ක් උසට ඉදිකළ පාලම ගල්,ගඩොල් හා සිමෙන්ති වලින් නිර්මාණය කර තිබේ. විදේශිකයින් අතින් නිමවු මේ පාලම අහස් නවයේ පාලම නමින්ද හදුන්වනු ලබයි.
ලුණුගල - ප්‍රසන්න පද්මසිරි

popular news
-
Kumar Tuesday, 29 September 2020 09:53 PM
This bridge stood their for nearly a century with no attention of any sort. Designer of the Harold Cuthbert had no idea that his design would become a Sri Lankan heritage item almost century later. I have seen many similar bridges during my stay in UK. A similar bridge is located near Southhall west of London constructed before the nine arch bridge. How about the bridge immediately after Demodera towards Badulla. That looks amazing too.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

