දකුණේ උණ රෝගීන් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමේ වියදම් රජයෙන්
දකුණු පළාතේ වෛරස් උණ රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට රජයෙන් ප්‍රතිපාදන ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම රෝගයට ගොදුරුවන රෝගීන්ට රජයේ රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික රෝහලවල ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට උපදෙස් ලබාදී තිබේ.
පෞද්ගලික රෝහල්වලට රෝගීන් ඇතුළත් කිරීමේදී අවශ්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබාදීමට නියමිතය. දකුණු පළාතේ වෛරස් උණ රෝගයට ගොදුරුවන දරුවන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළත් කර ප්‍රතිකාර කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
දැනට දකුණු පළාතේ මාතර, කරාපිටිය හා කඹුරුපිටිය යන රෝහල්වල රෝගීන් ප්‍රතිකාර ලබන අතර, ගතවූ කාලය තුළ රෝගීන් 12 ක් පමණක් මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


