දකුණු පළාතේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 168 දක්වා ඉහළට
දකුණු පළාතෙන් අද (08) දිනයේ තවත් කොරෝනා රෝගීන් 12 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.
මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 06ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 02ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 04ක් වශයෙනි.
ගාල්ලෙන් වාර්තා වූ රෝගීන් 06 දෙනාගෙන් 04 දෙනකුම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කරුවන්ය. ගාල්ල, මකුළුව ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනකු ආසාදිත බවට ඊයේ (07) හඳුනාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හතරදෙනකු අද මෙලෙස ආසාදිත බව හඳුනා ගනු ලැබිණ. ගාල්ලෙන් හඳුනාගත් අනෙක් දෙදෙනා රත්ගම බලප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් ධීවර ප්‍රජාවේ ආශ්‍රියන් බව සෞඛ්‍ය අංශ පවසයි.
මාතරින් වාර්තා වූ රෝගීන් දෙදෙනා ම කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් හතරදෙනාම වාර්තා වී ඇත්ත් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේවනවිට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 111කි. මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 22 කි.
ඒ අනුව දකුණු පළාතෙන් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 168ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

