දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයින් ගණන 173ක් දක්වා ඉහළට
දකුණු පළාතෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 173 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 37ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 25ක් තහවුරු වී තිබේ.
මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ඊයේ (10) දකුණු පළාතින් වාර්තා වූයේ අලුතින් රෝගීන් දෙදෙනකු පමණක් බවයි. එය ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්රෝගියෙකු හා මාතර දිස්ත්‍රික්කයෙන් එක්රෝගියෙකු වශයෙනි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියා නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියා මුලටියන බල ප්‍රදේශයේ පදිංචි, රිජ්වේ ආර්යා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි.
දකුණු පළාතේ දැනට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන 18,467කි. එය ගාල්ල දිස්ත්‍රික්කයෙන් 8,212ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 5,135ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 5,120ක් වශයෙන් සිදුකර ඇත.
මහගමගේ මහතා පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයේ යෙදෙන පුද්ගලයන් සංඛ්‍යාව2,294ක් බවයි. මාතර දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 1,613ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ 921කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

