දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය ඔමික්‍රොන් ලෙස නම් කරයි
දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවධානය යොමුකළ යුතු ප්‍ර භේදයක් ලෙස නම්කර තිබේ.
එහි විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බවත් නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිග
මේ වන විට බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයේ ද මෙම ප්‍ර භේදය හඳුනාගෙන තිබේ. මේ වන විට දකුණු අප්‍රිකාව ඇතළු රටවල්වලින් පැමිණෙන ගුවන් ගමන් සඳහා සීමා පැනවීමට ඇතැම් රටවල් කටයුතු කර තිබේ.
දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ සහ එස්වාටිනි යන රටවල සංචාරකයින්ට ඔවුන් එක්සත් රාජධානියේ හෝ අයර්ලන්ත ජාතිකයන් හෝ එක්සත් රාජධානියේ පදිංචිකරුවන් නම් මිස එක්සත් රාජධානියට ඇතුළු වීමට නොහැකි වනු ඇත.
එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෝතෝ, එස්වාටිනි, මොසැම්බික් සහ මලාවි යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් අවහිර කරන බව ය. එය සඳුදා සිට ක්‍රියාත්මක වේ.
සිකුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුලින් B.1.1.529 ලෙස නම් කරන ලද මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වල පාහේ වැඩිවෙමින් පවතින බව පෙනේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

