දකුණු අධිවේගයේ ගිය බස් 2ක් නවතා රියදුරන් මාරු වෙලා ?
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් , අතරමගදී නවතා , එහි රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් , ඉකුත් 22 දා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්රදේශයෙන් වාර්තා වේ.
මෙම බස් රථ දෙකෙන් එක් බස් රථයක් 2021.11.22 දින උදේ 6.30 කඩවතින් අම්බලන්ගොඩ බලා පිටත් වූ බස් රථයක් වන අතර අනෙක් බස් රථය අම්බලන්ගොඩ සිට කඩවත බලා ගමන් ආරම්භ කළ එකක් බව පැවසේ .
පසුව මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ .
එහිදී රියදුරන් දෙදෙනා , බස්රථවලින් බැස , මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
+


popular news
-
Chaminda Wednesday, 24 November 2021 02:30 AM
I am not sure if anything wrong here, as long as its not continuing
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

