දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයක පටුපස ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර, මෙම අනතුර හේතුවෙන් ඉන්දීය ජාතියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.