දංකොටුව මත්ස්‍ය ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවකයින් 54කට කොවිඩ්
දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවය කල සේවකයින් 54 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට සනාථ වි ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොවිඩ් ආසාදිත වි ඇත්තේ අදාල කර්මාන්ත ශාලවේ සේවය කල මත්ස්‍ය ඇසුරුම් වල නිරත ව සිටි සේවකයින් පිරිසක් බව කියයි.
අදාල කර්මාන්ත ශාලාවේ 400 කට ආසන්න සේවක පිරිසක් සේවය කරන අතර එම පිරිසෙන් මෙසේ 55 දෙනෙකු ආසාදිත වි ඇති බව දංකොටුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අදාල කර්මාන්ත ශාලාවේ සේවකයින් 73 දෙනෙකුගේ ජෛව පටල සාම්පල පරික්ෂාව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සිදුකර තිබු බවත් එයින් 37 දෙනෙකු කොරෝනා ආසාදිත බවට සනාථ වි තිබුනී.
ඒ සමගම කර්මාන්ත ශාලාව අවස්ථා දෙකකදී පුද්ගලික රෝහල් වලදි සේවකයින් 111 දෙනෙකුගේ සිදුකල ජෛව පටල සාම්පල පරික්ෂා දෙකකදි 17 දෙනෙකු ද මෙසේ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇතිටි බව කියයි.
අදාල ආසාදිත පිරිස් දඹදෙනිය , දංකොටුව , බිංගිරිය යන ප්‍රදේශ වල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කියයි .
එසේ අදාල කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් පිරිසකගේ ජෛව පටල සාම්පල පරික්ෂාවක් 1 දින සිදු කිරිමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

