තොණ්ඩමන්ගේ මළගෙදර ආවරණයට ගිය මාධ්‍යවේදියා ආසාදිතයෙක් නොවේ
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ මළ ගෙදර මාධ්‍ය ආවරණය සදහා නිරත වු හැටන් - කොටගල දිඹුල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19න් වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කරණු ලබති.
සෙම්ප්‍රතිශ්‍යාව හා සෙම්ගෙඩි තත්ත්වයක් පැවතීම නිසා ඊයේ (2) එම මාධ්‍යවේදියා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත ගිය අතර එහිදි ඔහුගේ ජෛව පටල ලබා ගනිමින් පි.සී.ආර් පරික්ෂණය සදහා යොමු කිරිමට කටයුතු කරනු ලැබිය.
එම පරික්ෂණයේ වාර්තාව අද 3 දා පස්වරුවේ ලැබී තිබුන අතර එම වාර්ථාවට අනුව එම ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ සිරුරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි නොමැති බව දික්ඔය රෝහලේ වෛද්‍යවරු හා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කරන ලදී.
එම මාධ්‍යවේදියා තොණ්ඩමන් ඇමතිවරයා මියගිය දිනයට පසු දිනයේ සිට කොළඹ හා කොත්මලේ වැවන්ඩන්.කොටගල මෙන්ම හැටන් - නෝර්වුඩ් ක්‍රිඩාපිටියේ පැවති අවසන් කටයුතු නිම වන තුරුම මාධ්‍ය ආවරණ කටයුතු වල නිරතව සිට තිබේ.
හැටන් - චන්දන ජයවීර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

