තොණ්ඩමන්ගේ පවුලේ අය දේශපාලනයට ගෙනාවේ මමයි - SB
අභාවප්‍රාප්ත වූ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පවුලේ ඥාතීන් දේශපාලනයට ගෙන්වීමට කටයුතු කළේ තමන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
අද (29දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙක් වු අරුමුගන් තොන්ඩමන් මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලේ අය දේශපාලනයට ගෙන්වන්න කටයුතු කළේ මමයි. දේශප්‍රේමී නායකයෙක් හැටියට එතුමාට අපගේ ගෞරවය හිමි වෙනවා. වතුකම්කරුවන් වෙනුවෙන් කටයුතු කළ නායකයෙක්. සමහරු බැලුවේ වතුකම්කරුවන් ඊලාම්වාදයට යොමු කරන්න ඒ කිසිවක් කරන්න එතුමාගෙන් ඉඩක් ලැබුණේ නැහැ.
ඉදිරියේදී අධිකරණය විසින් තීන්දුවක් ලබා දෙයි. පක්ෂය දෙකඩ වෙලා ඔවුන් 70%ක් තුළ සජිත් පිළට 50%කුත්, රනිල් පිලට 20% කුත් බෙදෙන බව පැහැදිලියි. අවසාන ප්‍රතිඵලය හැටියට 25%ක් ඉදිරි මැතිවරණයේදී අපිට එකතු කරගෙන මහා ජයග්‍රහණයක් ලබා හැකි වනවා.
පහසුවෙන්ම 2/3 ක ඉලක්කයට යා හැකි වන බව කිව යුතුයි. අපගේ ඉලක්ක ලෙස නුවරඑළිය, අම්පාර හා වව්නියාව දිනනවා. 50%ක හෝ 53%ක ඉලක්කයට යා හැකියි. මේ සම්බන්ධයෙන් විපක්ෂයට දැනිලා තියෙන නිසා මර බයෙන් පසුවෙනවා.
දින 20ක් ගත වුණත් මේ වනතුරුත් සමාජයෙන් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වුණේ නැහැ. නාවික හමුදා පොකුරෙන් වාර්තා වුණත් එහා සිටි සියලු දෙනා නිරෝධායනය කරන්න කටයුතු කළා. ඒවාගේම කුවෙට් වලින් පැමිණෙන විදේශකයින් පිරිස විශාල වශයෙන් ආසාදිතයින් වෙලා. මේ සියලු දෙනා මව්රටට ගෙන්විය යුතුයි. එම කටයුත්ත රජය විසින් සිදු කරනවා.
අද්මිරාල් කොළඹගේ මහතා කිව්වා සියලුම ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වන්න කටයුතු කරනවා කියලා.
popular news
-
DAYAN Friday, 29 May 2020 06:30 PM
සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාත් දේසපාලනයට ගෙනාවෙත් මෙය වෙන්ට ඇති. බොරු පූචානම්.
Reply : 0 0
dhamneth Saturday, 30 May 2020 09:18 AM
ආරුමුගන් තොන්ඩමන් මතාගේ සීය ඇස්.තොන්ඩමන් මහතාව දේසපලනයට ගෙනාවෙත් ඔයා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

