තොණ්ඩමන්ගේ දේහය ගුවනින් රැගෙන එයි
අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රිඩාංගණය වෙත අද (29) දින උදැසන 7.45 ට රැගෙන එනු ලැබිය.
ගම්පොළ ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනය අද දිනට යෙදි ඇති අතර අද දින දවස පුරා තැනපත් කරන තිබෙන අමාත්‍යවරයාගේ දේහය හෙට (30) දින උදැසන රම්බොඩ සිට නුවරඑලිය නගරය හරහා කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන විත් මහජන ගෞරවය සදහා එහි තැනපත් කෙරෙනු ඇත.
අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ හැටන් නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට අවමංගල්‍යය කමිටුව තිරණය කර ඇත.
අමාත්‍යවරයාගේ වියෝවයෙන් පසු කම්පනයට පත් වතු කම්කරුවන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වු ( 26) දින සිට අවසන් කටයුතු සිදු කරන තෙක් වතු වල දෛනික වැඩ කටයුතු කිරිමෙන් වැලකි සිටියි.

popular news
-
Demuni Uduwara Friday, 29 May 2020 05:00 PM
Whom these all expenses incurred by Is this a propaganda of the govt? Ashamed!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

