;ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකු 85ක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතට පත්වෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ් අනුව ඉදිරියේදී ඒම තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස් සිංහ කොඩිය ඔසවන බවද ඔහු පැවැසීය.
"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට ගැනීම සඳහා ඉන්දියාව සමග පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් කරන්න අපිට හැකිවුණා. 2003 අත්සන් කළ ගිවිසුමෙන් ටැංකි 99ම 35 වසරකට ඉන්දියාවට භාරදීමක් සිදුවුණා. 2017දී මෙම ටැංකි සංකිර්ණයෙන් යමිකිසි ප්‍රමාණයක් අතුරු බදු ලබාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නෑ.
අපි ඉන්දියාව සමග ඇතිකරගත් එකඟතාව අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාදෙනවා. ඒ වගේම දැනට ලංකා අයි.ඔ්.සී. සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් ඔවුන්ට වසර 50ට බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51ක් කොටස් විදිහටත් ඉතිරි සියයට 49 ලංකා අයි.ඔ්.සී. සමාගමටත් තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවැරෙනවා.
මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. කොටස් බහුතරක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 7න් 4ක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. සභාපතිධුරය පත්කරන්නේ තෙල් සංස්ථාව. මේ අනුව සමස්ත ටැංකි 99න් 85ක් තෙල් සංස්ථාව යටතට එනවා"