නීති විරෝධී අයුරින් අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවේ විභාග කටයුතු එළැඹෙන 29 දා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වන එම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.