තහනම් දැල් භාවිතයෙන් මසුන් ඇල්ලූ පස්දෙනෙකු නාවික හමුදා භාරයට
- 21 11 2019
- 12:55
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව විසින් ඊයේ ( 20) දින මොල්ලිකුලම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් අරිප්පු ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක් සහ මිටර් 220 දිගැති තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයන්, ඩිංගි යාත්රාව, පිටත දහන යන්ත්රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
