තහනම් ග්ලයිෆොසේට් කල්පිටියෙන් හමුවෙයි
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුතු ඇමෝනියම් ග්ලයිෆොසේට් තොගයක් කල්පිටිය පොලීසිය විසින් ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගෙන තිබුණි.
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩිපිටිය ආසන්නයේ දමා ගොස් තිබූ මෙම ග්ලයිෆොසේට් තොගය ගුවන් හමුදා නිලධාරීන් විසින් දැකීමෙන් අනතුරුව ඒ පිළිබඳව කල්පිටිය පොලීසිය දැනුවත් කර තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි කල්පිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ ග්ලයිෆොසේට් තොගය අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ආකාරයෙන් උර 29 ක අසුරා තිබූ ග්රෑම්ස් 100 බැගින් වූ කුඩා පැකට් 7142 ක ප්රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ජාවාරම්කරුවන් විසින් ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බව සැකකරන මෙම ග්ලයිෆොසේට් තොගය නැවත රැගෙන යාමේ අරමුණින් මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ග්ලයිෆොසේට් අලෙවිය මෙරට තුළ තහනම් කිරීමෙන් අනතුරුව නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන විත් තිබූ විශාලම ග්ලයිෆොසේට් තොගය මෙය බවද පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ කිසිදවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. කල්පිටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


