තව අවුරුදු දෙකකින් රටේ නායකයා සජිත්
- 14 10 2021
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- ..
වත්මන් ආණ්ඩුව දැන් ජනතාවට එපාවී ඇති බවත් තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (14දා) අම්බලන්ගොඩදී පැවසීය.
“අද මිනිසුන්ට ජීවත්වෙන්න බැහැ. බඩු මිල වැඩියි. බඩු මිල වැඩිවීම තවමත් ඉවරයක් නැහැ. මේ ආණ්ඩුවට දැන් යන එන මං නැතිවයි ඉන්නේ. ආයෙත් නම් මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා.
ජනතාවට එපා වෙච්ච මේ ආණ්ඩුව හදන්න පුලුවන් සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ නිසා තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා” යයි ද වෙද ආරච්චි මහතා කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
