එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට මැලේසියාවේදී සැකපිට තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මැලේසියානු මාධ්‍ය වාර්තා කරයි.
මැලේසියාවේ විශේෂ ප්‍රති ත්‍රස්ත ඒකකයක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඊයේ (12දා) මෙම අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ මලක්කා, පී.නෑන්, සෙලෙන්ගෝර් යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර පසුගිය බ්රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් මැලේසියානු පොලීසිය විසින් රඳවාගෙන සිටින අතර ඔවුන් අතරමින් එක් පුද්ගලයෙක් මැලේසියාවේ පවතින ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් මැලේසියානු මාධ්‍ය වාර්තා කරයි.
මේ වසරේදී පමණක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති එල්.ටී.ටීඊ.සාමාජිකයන් සංඛ්‍යාව 25ක් බවද මැලේසියානු වැඩිදුරටත් වාර්තා කරයි.
එල්.ටි.ටි.ඊ. සංවිධානය මලයාසියාව තුළ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කර ඇති සංවිධානයකි.