කෝවිඩ් මර්දන 03වැනි එන්නත් මාත්‍රාව ලෙස මෙරට ජනතාවට ෆයිසර් එන්නත ලබාදෙන බවත්, ඒ අනුව ඊට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇණවුම් කර ඇති බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, අදාළ එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මගින් ඔක්තෝබර් 01වැනිදා වනවිට ගෙවීමට නියමිත වන බවයි.
මෙරට ජනතාවට කෝවිඩ් මර්දන 03වැනි මාත්‍රාවක් ලබාදීම සඳහා වූ නිර්දේශය පසුගිය මැයි මාසයේදී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් ලබාදුන් බවද පවසා සිටි සභාපතිවරයා, ඒ අනුව එන්නත් මාත්‍රා ඇණවුම් කර මාස 06කට පසු එන්නත් ලබාදිය හැකි බවද පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ද්විත්ව එන්නත ලබාදීමෙන් අනතුරුව එන්නතේ ප්‍රතිශක්තිය අඩුවන බවට නිරීක්ෂණය වුවහොත් කිසිදු හිඟයකින් තොරව ජනතාවට තෙවැනි මාත්‍රාව ලබාදෙන බවයි.