තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු. 2,000 සේ මාසික දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ වනවිට පොරොත්තු ලේඛනයේ සිටින බව ඇය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය පැවසුවේ ඉදිරි අයවැය මඟින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන්කෙරෙන බවය.
මේ වනවිට රු.2,000 සේ මාසික දීමනාව ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 416,667 ක් බවද ඇය සඳහන් කළාය.