බණ්ඩාරගම - පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළින් තරුණියක් බොල්ගොඩ ගඟට පැන ඇති අතර ඇයව බේරා ගැනීමට ගඟට පැන ඇති තරුණයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
කෙසේ වෙතත් දියේ ගිලුණ තරුණිය ගම්වාසීන් විසින් බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.
අතුරුදන්ව ඇති තරුණයා අවුරුදු 29ක් වන බණ්ඩාරගම පදිංචිකරුවෙකි.
අද පෙරවරු 11.00ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් අතුරුදන්ව ඇති තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.