තරුණිය දූශණය කල බ්‍රිගේඩියර් නිවසින් පලායයි

තරුණියක් සිය නිවස තුලදී දූෂණයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියා නිවසින් පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.
තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි එම තරුණියගෙන් ඉකුත් 13 වෙනි දින පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කීපයකදී ඔහුගේ පානදුර නිවසට පොලිස් කණ්ඩායම් කිහිපයක් ගියද ඔහු නිවසින් බැහැරව ගොස් ඇති බව ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන් හා පවසා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මීට සිව් මසකට පෙරදී බ්‍රිගේඩියර්වරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ තන්තිරිමලේ තරුණියව නිවසේ තනිව හිඳි අවස්ථාවකදී දූෂණ ලක්කර අනතුරුව අවස්ථා කීපයකදී ඇය සමග අඹුසැමියන් ලෙස බ්‍රිගේඩියර්වරයා හැසිරී තිබූ බව තරුණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර්වරයාගේ නිවසේ දී තරුණියට හදිසියේ කලන්ත ගතියක් ඇති වීමෙන් අනතුරුව ඔවුන් විසින් ඇයව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
අනතුරුව තරුණියගේ මව ගෙන්වා තරුණියව තන්තිරිමලේ ගම් ප්‍රදේශය කරා පිටත් කර හැරීමට බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිස කටයුතු කර තිබිණි.
එම සිද්ධියෙන් අනතුරුව තරුණියට වරින් වර තදබල හිසේ කැක්කුමක් ඇති වී අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලකට ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා රෝග නිධානය පිළිබඳ විමසීමේදී බ්‍රිගේඩියර්වරයා ගෙන් තමන්ට වූ අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර තිබිණි.
අනතුරුව එම වෛද්‍යවරයා විසින් පානදුර දකුණු පොලිසියට ඒ පිළිබඳ සිදුකළ දැනුම් දීමකින් අනතුරුව තරුණිය පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කෙරිණි.
තරුණියට බ්රිගේඩියර්වරයාගෙන් සිදුවූ අතවරය සම්බන්ධයෙන් බි වාර්තාවක් මගින් පානදුර අධිකරණයට ද කරුණු මේ වනවිටත් වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ඉරේෂා කුමාරසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි
popular news
-
Rocky Friday, 17 December 2021 01:29 AM
Anaachaaraye hasireeme waradata Tharuniyata danduwam karamu neda?
Reply : 0 1
Samson de silva Friday, 17 December 2021 03:34 AM
Aapudenko eliyata. Kanen allalaa edagena gihin amaathyansayaka lekam ho sansthaawaka sabaapathi karanawaa.
Reply : 0 0
Athula Sunday, 19 December 2021 11:50 AM
මේවා තමයි විරුවා කියලා ඉස්සරහට දාගෙන කරන ජඩ වැඩ... අපි දන්නවනේ කාලයක් ඔය බොහෝ උන් කරපු වැඩ තුවක්කුව පෙන්වා දුෂණය කිරීම තමයි උන්ගේ කෙරුවාව ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

