තරුණයෙක් මියයයි, හතරක් බේරා ගනියි
- 23 11 2026
- 09:52
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.11.22 දින දහවල් කාලයේදී බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයින් පස් දෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී එක් තරුණයෙකු අතුරුදන් වී ඇති අතර තරුණයින් සිව්දෙනෙකු එම වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 66528 ප්රියශාන්ත, පොලිස් කොස්තාපල් 95528 නිශ්ශංක හා පොලිස් කොස්තාපල් 103408 නයනජිත් යන නිලධාරීන් විසින් බේරාගෙන ඇත.
අතුරුදන් වූ තරුණයාගේ මෘත ශරීරය සොයාගෙන ඇති අතර බේරාගත් තරුණයින් සිව්දෙනා මුලික ප්රථමාධාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
මරණකරු අවුරුදු 16 ක් වූ බේරුවල ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 15 - 20 වයස්වල පසුවන බේරුවල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
