ත්‍රස්ත චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් අහිංසකයි - ෆයිසර්
ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ජාතික මොහොමඩ් නිසාම්ඩීන් අහිංසක පුද්ගලයෙක් බව ඔහුගේ ඥාතියෙක වන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කරයි.
“අපි ඔහුට ආදරෙයි. යමෙක් වරදක් කර තිබෙනවානම් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. නමුත් පවුලක් ලෙස අපි විශ්වාස කරන්නෙ ඔහු නිර්දෝෂියි කියලයි” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
නිසිම්ඩින් මීට දින කිහිපයට පෙර සිඩින් නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු සන්තකයේ තිබී සොයාගත් පොතක සිඩ්නි නුවර ස්ථාන කිහිපයක් සලකුණු කර තිබූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
එ හරහා ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්බුල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යනී ජුලියා බෂොප් ඝාතනය කිරීමේ උත්සායහක් තිබූ බවට වන තොරතුරුද හමුවී තිබේ.
25 හැවැරිදි නිසාම්ඩීන් සිඩිනි නුවර විශ්වවිද්‍යාලය උපාධි අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පතව ඇත.
කෙසේ වෙතත් මේ සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව මැදිහත් නොවන බවත් එය තම පුද්ගලික කරුණක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ABC ඇසුරෙනි

popular news
-
Daham Tuesday, 04 September 2018 01:08 PM
මෙයා කියන දේවල් කවුද පිලි ගන්නේ .
Reply : 2 50
Champa Tuesday, 04 September 2018 06:20 PM
තමන්ගේ නෑයෙක් හින්ද මෙහෙම කියනවා.
Reply : 1 0
rocky Tuesday, 04 September 2018 07:40 PM
ඕස්ට්‍රේලියන් බලධාරීන්ට වැරදුන කියලද කියන්නේ? එහෙම නම් ඉතින් ගම්මන්පිල මහත්තයාගේ කේස් එකත් වැරදීමක් වෙන්න පුළුවනි, නේද මහත්තයෝ? දැන් නම් සැක හිතෙනවා අයිඑස් කාරයෝ පාර්ලිමේන්තුවේත් ඉන්නවා ඇති කියල.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
