ත්රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්
යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
සමාජ වෙනස් කිරීම් සඳහා වූ සංවිධානයේ එස්.රැජිනි නැමති කාන්තාවගේ මූලිකත්වයෙන් යුත් පිරිසක් විසින් යාපනය බස්නැවතුම් පළ ඉදිරිපිටදී ත්රස්තවාදී වැලැක්වීමේ පනතට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
විරෝධතාකරුවන් විසින් යාපනය බස්නැවතුම්පළ ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන බස්නැවතුම්පළ වටා පිහිටි මාර්ගයේ ගමන් කරමින් කියා සිටියේ යුද්ධය අවසන් වී වසර 10ක් ගත වීමට ආසන්න ඇති අවස්ථාවක ත්රස්තවාදී වැලැක්වීමේ පනත ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බවටත් අත්අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත්ය.


popular news
-
SAMPATH Monday, 21 January 2019 01:43 PM
මුන්ගේ පශ්චාත් බාගයට වෙඩි තියන්න ඕනා එතකොට හරියනවා...
Reply : 0 20
Champa Monday, 21 January 2019 01:49 PM
හොඳයි වැඩේ. එහෙනම් ලෝකේ පුරා රැකවරණය දීල ඉන්න දස දහස් ගණන් LTTE ත්රස්තවාදීන් සියලු දෙනා ඉස්සෙල්ල යුධ අධිකරණයක් ඉදිරියට ගෙනිහිල්ල දඬුවම් දෙන්න ඕනේ. ත්රස්තවාදී පනත ඉවත් කරපු ගමන් පිටරට හැංගිලා ඉන්න LTTE ත්රස්තවාදීන් ඔක්කොම ලංකාවට එනව. මේකත් රඝවාන්ගේ වැඩක් වෙන්න ඇති. යුද්ධ ඉවර නිසා වහාම කරන්න තිබුනේ පළාත් සභා අහෝසි කරන එක. දෙමල ත්රස්තවාදයේ, ජාතිවාදයේ, අන්තවාදයේ සහ බෙදුම්වාදයේ තවම ඉතිරි වෙලා තියෙන එකම හෙවනැල්ල තමයි පළාත් සභා. ඕක ගෙනාවේ යුද්ධේ නවත්තගන්න. නමුත් ප්රභාකරන් පළාත් සභා අරගෙන ඊට පස්සේ ආණ්ඩුව රැවට්ටුව. දැන් යුද්ධයක් කොහෙත්ම නැති නිසා පළාත් සභා වහාම අහෝසි කරලා නැවත ඒ බලතල ලංකා ආණ්ඩුවට අරන් නියම විදිහටම ඒකීය රට එකසේසත් කරන්න ඕනේ.
Reply : 0 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

