ත්‍රිකුණාමලයට ඩොලර් බිලියනක ආයෝජනයක්
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු අද (21දා) පාර්ලිමේ්න්තුවේදී සඳහන් කළේය.

-
Champa Wednesday, 22 May 2019 09:38 AM
මොන වානේ කර්මාන්තශාලාද? කවුද ආයෝජකය? ත්‍රිකුණාමලේ හින්ද ඇමරිකාවද? වානේ වලට මොකොටද ආයෝජන? ලංකාව වානේ පිටරට යවන කාලේ බටහිර රටවල් ඉපදිලත් නැහැ. අපි වානේ පිටරට යැව්වේ අනුරාධපුර යුගයේ, ගොඩවාය වරාය හරහා හුඟක් දේවල් පිටරට යැව්වා. 5 වෙනි ශත වර්ෂේ කාශ්මීරේ ගෑනු ඇන්දේ ලංකාවේ වියපු ඇඳුම්. ඕනේ නම් list එකක් දෙන්න පුළුවන්. ගෙදර යන්න ඉන්න වහල් ආණ්ඩුවට මොන ආයෝජනද? ආයෝජන කියා කියා ණය අරන් කොමිස් සාකුවේ දාගන්න වැඩ තමයි වෙනව ඇත්තේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
