තඹුවන් සන්තකයේ තබාගෙන සිටි දෙන්නෙක් අල්ලයි
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ නිලධාරීන් විසින් හම්බන්තොට ධීවර වරායේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ආරක්ෂිත මත්ස්‍ය විශේෂයක් වන තඹුවන් (Coral Hind) කිලෝග්‍රෑම් 12.4ක පමණ ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අදාළ පුද්ගලයින් දෙදෙනා සන්තකයේ තිබී මෙම තහනම් මත්ස්‍ය තොගය සොයාගෙන ඇති අතර, ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත.
2017 වර්ෂයේදී හඳුන්වා දෙන ලද අදාළ රෙගුලාසි අනුව තඹුවා මත්ස්‍ය විශේෂය ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, අලෙවි කිරීම සහ අපනයනය කිරීම තහනම් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 සහ 30 යන වයස්වල පසුවන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
