තම නැගණිය ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරයි
පොල්ලකින් පහරදී විසිතුන් හැවිරිදි තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් (28) වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජූනි මස (09) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ඇතිලිවැව තෙළුල්ල ජනපදයේ පදිංචි හෙට්ටිආරච්චිගේ සඳමා ලක්මාලී (28) සහ මොනරාගල හිඳිකිවුල අංක 83 පදිංචි ඇල්බටුගමගේ පසිඳු සිරිමල් (18) යන දෙදෙනාය.
2020/05/04 වෙනි දින ඇතිලිවැව තෙළුල්ල ජනපදයේ පදිංචි පුද්ගලික ආයතනයක සේවය කරන හෙට්ටිආරච්චිගේ තක්ෂිලා සඳුනි දීපමාලී නැමති (23) හැවිරිදි තරුණිය තම සේවා ස්ථානයට යමින් සිටියදී අතුරුදහන්වී තිබිණි.
පසුව ඉකුත් (28) වෙනිදා ඇයගේ සිරුරේ අස්ථිකොටස් සහ අත්බෑගය නයිගල්ආර ප්රදේශයේ ළඳු කැලෑවක තිබී කුඩාඔය පොලීසිය මඟින් සොයාගන්නා ලදි.
පසුව සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඇයගේ සහෝදරිය සහ අනියම් පුරුෂයා බවට අනාවරණය වීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.සී ප්රසාද් මහතා විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මොනරාගල - සුමනතිලක ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

