තම දරුවන් සිවුදෙනා අපයෝජනය කළ පියා අත්අඩංගුවට
තම බාල වයස්කාර ගැහැණු ළමුන් තිදෙනෙකුට හා පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකළ යහලතැන්න ප්‍රදේශයේ පදිංචි පියෙකු පොලීසියට ලැබුණු රහසිගත පෙත්සමකට අනුව කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
යුද හමුදාවේ රයිෆල් බලකායට අනියුක්තව ගෙලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව කියන 38 හැවිරිදි සැකකරු කලක සිට මෙසේ එම දරුවන්ට ලිංගික අතවර සිදු කළත් සැකකරුට ඇති බිය නිසා දරුවන්ගේ මව ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි සිදුකර නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තම පස් හැවිරිදි, අට හැවිරිදි හා දහසය හැවිරිදි ගැහැණු ළමයින් තිදෙනෙකුට හා දොළොස් හැවිරිදි පුත්‍රයාට එසේ බරපතල ලිංගික අතවර සිදු කොට ඇති බව පොලීසිය කියයි .
අතවරයට පත් දරුවන් හතර දෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරවීමට රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙන අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Demuni Uduwara Tuesday, 18 August 2020 09:56 PM
Is this really a Buddhist country?
Reply : 0 0
Samson de Silva Wednesday, 19 August 2020 09:06 AM
Thawath ranawiruwek! Ranawiruwanta danduwam karannna nam soodanam wenna epaa. Sinhala bauddhayo siyalla kalambeyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

