තැපැල් ඡන්ද සලකුණු කිරිමට අද හා හෙට අවස්ථාව
- 24 07 2020
- 11:42
- {{hitsCtrl.values.hits}} views
- ..
තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති්රක් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.
අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ති්රක්කයේ, දිස්ති්රක් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම සලසාගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
