බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල (විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව, නැගෙනහිර හා උතුරු පළාත්ව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙයි.
අද පස්වරු 3.00ට නිකුත් කළ නිවේදනය හෙට (25දා) පස්වරු 3.00 තෙක් වලංගු වෙයි.