ඇමෙරිකාවේ සමරු තිළිණයක් ලෙස සකස්කළ ඇමෙරිකානු ඩොලර් මිලියනයේ නෝට්ටුව මෙරට තුළ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමරු තිළිණයක් ලෙස නිර්මාණය කළ මෙම නෝට්ටුවේ කිසිදු වටිනාකමක් නොමැති බවත්, මෙවැනි ජාවාරමක නිරතවන්නන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දැනුම්දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ජාවාරම්කරුවන්ට හසුවූ අයෙකු සිටී නම් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කරන ලෙසත්, ජාවාරමේ නිරත වූ හතරදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති එම ඩොලර් මිලියනයේ නෝට්ටුව මෙරට තුළ රුපියල් ලක්ෂයට, දෙකට විකුණමින් තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.