ඩොලර් දුන්නොත් තෙල් පෝලිම් නෑ
ගුවන් තොටුපොලේදී ඇමෙරිකානු ඩොලර් ගෙවීමට කැමති විදෙස් ගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන් හා ද්විත්ව පුරවැසියන් සඳහාද ඉන්ධන බලපත්‍රය නිකුත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තමන් කළ යෝජනාවට අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඔවුන්ට ඉන්ධන පෝලිම්වල නොසිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Cyril Santha Monday, 01 August 2022 11:53 PM
කළ යුත්තේ විදේශ මුදල් බැංකු හරහා එවන අයට එම මුදලින් සියයට 20ක පමණ ්‍රමාණයක් තෝරාගත් ඉන්ධන හල් වලින් බැංකුව මගින් නිකුත් කරන කාඩ් එකකින් තිරි නිකුත් කිරීමට හැකියාව පරිදි ක්‍රමයක් ඇති කිරීමයි එමගින් විදේශයන්හි සිටින අය තම දෙමව්පියන් සඳහා පෝලිම් වල නොඉඳ තෙල් සහ ගෑස් ලබා ගැනීමට මුදල් ගෙවීමට පෙළඹෙනු ඇත ඉතුරු 80% ක මුදල රජයේ වියදම සඳහා යොදා ගත හැකිය මෙය ඉතා ඉක්මනින් කළ යුතු බැවිනි සහ එමගින් බැංකු හරහා මුදල් එවීමට ද මිනිසුන් පෙළඹෙයි
Reply : 0 5
daminda kodikara Friday, 05 August 2022 07:00 PM
කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ මුදල් හොයා ගන්න විදිය, කොහොමද නිෂ්පාදන වැඩි කරන්නේ, කොහොමද විදේශ විනිමය වැඩි කර ගන්නේ . නය ලැබෙනකන් බලාගෙන ඉන්නවා, ඒවා ලැබුනාම මොනවද කරන්නේ කියල හිතන්න නැහැ , දේශපාලන පක්ෂ වල ගොඩ වැඩි කර ගන්න බලන්නේ. රනිල් ජනාධිපති උනාට වැඩක් නැහැ මහින්දගේ අතේ හැන්ද තියෙන්නේ, මිනිහට පුළුවන් රනිල්ව තියන්නත් ගෙදර යවන්නත්. වැඩි බහුතරය තියෙන්නේ පොහොට්ටුවට
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

