ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින උග්‍ර ඩොලර් අර්බුදය අපනයන කර්මාන්තයට බලපා ඇති බව අපනයනකරුවන් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
එම පුවත්පත පවසන්නේ තම අපනයනයන් කිරිමට අවශ්‍ය නැව් ගාස්තු ඩොලර් වලින් ගෙවිමට සිදුව තිබීමත් මෙරට බැංකු පද්ධතියේ පවතින ඩොලර් හිඟතාවත් හේතුවෙන් එම ගාස්තු ගෙවීම සඳහා ඩොලර් ලබා ගැනිමට නොහැකි වී ඇති බවයි.
සිය ගැටලු පිළිබඳව ඔවුන් අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
මේ වන විටත් නැව් සමාගම් කිහිපයක් ශ්‍රි ලංකාවට නොපැමිණෙන බව අපනයනකරුවන් සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය කාලය පුරාම වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී.