ඩෙල්ටා ගැන අනතුරු ඇඟවීමක්
- 30 06 2021
- 16:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.
මේ ප්‍රභේදය වාර්තා වූ එක් පුද්ගලයෙක් හෝ සිටිනවා යනු ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් කරුණක් බවද ඔහු පැවැසීය.
අද දිනයේ සවස්වන විට මෙම රෝගීන් වාර්තාවීමට හැකියාවක් ඇති බවද ඔහු පැවැසීය.
මෙහි ව්‍යාප්තිය ඇසට නොපෙනෙන බවත් සියයට 200ක ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම මගින් මෙහි පැතිරීම අවම අගයක පවත්වාගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
