රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අල්ලෙ තියලා හපුතලේ කන්දෙන් පහළට විසිවෙන්න පිඹින බ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (23)දා සවස බදුල්ල නිව් ටුවරිස්ට් ඉන් හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"ඡන්දයට පෙර ලබන දෙසැම්බර් තුන්වැනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ප්‍රධානත්වයෙන් බදුල්ලේ තිබෙන රැස්වීම ගැන ගහපු කටවුට් කපලා. ඒ කපන්නේ බයට. මේවා කරන්නේ වෙන කවුරුත් නෙවේ අපේම අය. මම ඒ අයගේ නම් කියන්නේ නෑ. හැබැයි මේ කටවුට් කැපුවට රැස්වීමට එන සෙනග අඩුවෙන්නේ නෑ. ඒවා කපන්න කපන්න රැස්වීමට එන සෙනග තවත් වැඩිවෙනවා.
මම එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනෑ. ඩිලාන් පෙරේරා ඇමතිතුමා කියා තිබෙනවා මම පස්දුන් කෝරලේ ඕවිටිගල ගමේ - හඳට පොලු ගහපු ගමේ කෙනෙක් කියලා. ඔව් මම පස්දුන් කෝරලේ මිනිහෙක්. මම ඒක ප්‍රසිද්ධියේ කියනවා. ඩිලාන් පෙරේරත් මොරටුවෙන් මෙහෙට ඇවිත් තමයි මැති ඇමතිකම් ගත්තේ. බදුල්ලේ ජනතාවට පිං සිද්ධ වෙන්න.
අද යහපාලනේට ගිහින් ඉන්නවා. දෙසැම්බර් තුන්වෙනිදා මහින්ද මහත්තයාගෙ රැස්වීමට එන සෙනග දැක්කම ඩිලාන් පෙරේරට දැනගන්න පුළුවන් වෙයි තමන් කවුද කියලා. ඩිලාන් පෙරේරා මගේ ගැන දන්නවා. අපි එකට පාර්ලිමේන්තුවේ හිටියේ. මම හයේ- හතරේ මිනිහෙක් කියලා එයාම කියනවා. මම ඩිලාන්ව උස්සලා අරන් අල්ලෙ තියලා හපුතලේ කන්දෙන් පහලට විසිවෙන්න‘ෆුහ් ’ ගාල පිඹිනවා.”
විජේරත්න රත්නායක