ඩෙවෝන් ඇල්ල නැරඔිමටත් මුදල් අය කරයි - විදේශිකයින් අපහසුතාවේ
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමක්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
සුදු අධිරාජ්‍යවාදින් මිට වසර ගණනාවකට ප්‍රථම එවකට නුවරඑළිය හැටන් මාර්ගය ඉදි කිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර ඇත.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනිම සිදු කරයි.
එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදු කරනු ලබයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත්පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැඳවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රු ලක්ෂ 1 ½ කට එය ලබා දි ඇත.
ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සඳහා බස් රථයකට රු 100 ක්ද ,වැන් රථයකට රු 50 ක්ද , ත්‍රිරෝද රථයකට රු30 ක්ද යතුරුපැදියකට රු 25 ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධාන මාර්ගය අබියස ගාල් කර තබන සැම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරයි.
එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා ගාල් කරන වාහනවලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරන අතර , ඇතැම් අවස්ථාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වැන් රථ වලටද අය කරන බවයි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද කියා සිටින්නේ.
කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදි කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩිදුරටත් කියා සිටින්නේ.


popular news
-
Champa Monday, 04 March 2019 05:15 PM
මේක වහාම නවත්තන්න ඕනේ. මුළු රටටම හිමි ස්වභාවික සම්පතකට ප්‍රාදේශීය සභාවක් කොහොමද මුදල් අය කරන්නේ? සංචාරක ස්ථාන වලට පහසුකම් සපයන්න රජය බැඳිලා ඉන්නවා. දුර ගමන් යන බොහෝ දෙනෙක් තැන තැන වාහනේ නවත්තල ගිමන් නිවන එක, කෑම කන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එහෙම වෙලාවට මුදල් අය කරන එක වැරදියි. සංචාරකයෝ යන වෙනත් රටවලට වඩා අපේ රට වෙනස් වෙන්නේ අපට ආවේනික ආගන්තුක සත්කාර සහ හැම දේම මුදල් වලින් නොමනින වෙනස් සංස්කෘතියක් අපට තියෙන නිසා. අපේ ස්වභාවික සම්පත් බලන්න දේශීය සහ විදේශීය සංචාරකයෝ එන එක අපට ආඩම්බරයක්. පුළුවන් හැම වෙලාවෙම පුළුවන් තරම් ඔවුන්ව ගසා කෑම අපේ විදිහ නෙමෙයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

