ඩයස්පෝරා දමිල තරුණයන් ලංකාවට පැමිණීමේ කැමැත්තෙන්
දමිල ඩයස්පෝරාව නියෝජනය කරන තරුණයින් බොහෝමයක් නැවත ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සඳහන් කරයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශයක දැක්වෙන්නේ බොහෝ විවෘත මනසක් ඇති තරුණයන් නැවතත් මෙසේ ශ්රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
එසේම තමන් මේ වන විට විවිධ ඩයස්පෝරා සංවිධාන සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔවුන් හා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වීම සඳහා එම සාකච්ඡා සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
Champa Monday, 25 February 2019 08:04 PM
ඔන්න එනව දැන්. මේ එන්නේ නිකම් මිනිස්සු නෙමෙයි දෙමල කොටි ඩියස්පෝරාව. එන්නේ නිකමටත් නෙමෙයි ලංකාවේ චන්ද ප්රතිඵල වෙනස් කරන්න. මම දැක්ක දෙමල දේශපාලකයෙක් කියනව ඉන්දියාවෙන් ලක්ෂයකට වඩා සරණාගතයෝ එන්න ඉන්නවා කියලා. මේ ඔක්කොම ඊළඟ මහා චන්ද වලට ඉස්සෙල්ල. උතුරේ පුනරුත්ථාපනය වූ දෙමල කියලා පිරිසක් පක්ෂයක් හදා ගෙන තියෙනවා. ඒකේ නම සටන්කාමි විමුක්තිකාමීන්. පිටිපස්සේ ඉන්නේ කොටිඩියස්පෝරාව සහ බැසිල් සහ නාමල්. මේ ගොල්ලන්ට ඕනේ උතුරේ චන්ද වෙනුවෙන් කොටි පාර්ලිමේන්තුවට ගේන එක. හරියට රනිල්ගේ 2015 කොටි එක්ක රහස් ගිවිසුම වගේ. කොටින්ගේ බළල් අත් පාර්ලිමේන්තු ඇවිල්ල කරන්නේ මොකක්ද කියල අලුතෙන් කියන්න ඕනේ නැහැ. රාජපක්ෂලා ගැන තවත් විශ්වාසය තියන්න බැහැ. මම නෙමෙයි මේම කියන්නේ මිනිස්සු. විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන එක කොටින්ගේ එදා ඉඳන් තියෙන ඉල්ලීමක්. මහින්ද ඒකට කැමති වෙලා තියෙනව දෙමල චන්ද ගන්න. ගෝඨාභය කියන්නේ 2007-2017 ඇමරිකන් ගිවිසුම ගහපු මිනිහ. විමල් ත්රිකුණාමලේ වරාය ඇමරිකාවට දෙන එක ගැන කියනව. විමල්ගේ ජනාධිපති අපේක්ෂකය ගෝඨාභය කරගෙන. ගෝඨාභය ආවොත් Trinco ඇමරිකාවට දෙනවා. විමල්ට නවත්තන්බහ. දැන් හිතන්න ඕනේ රට ගැන vit
Reply : 0 0
Nandana Tuesday, 26 February 2019 09:39 PM
ඔය කියන එකාත් කොටිය ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

