ඩුබායි සිට කටුනායකට නීතිවිරෝධී ලෙස එවූ දුම්වැටි තොගය
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් දහසක් (1,70,40,000 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් මසා නිම කළ ඇදුම් බව පවසමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි බවට සදහන් පෞද්ගලික සමාගමක ව්‍යාජ ලිපිනයකට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයට එවා තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,
අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
ඉකුත් 08/06 දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට , මසා නිම කළ ඇදුම් අඩංගු බව සදහන් පෙට්ටි 12 ක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත අවිස්සාවේල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික සමාගමක් වෙත එවා තිබුණි .
එහෙත් මෙම ඇගලුම් පෙට්ටි තොගය භාර ගැනීමට කිසිවෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත නොපැමිණි නිසා , රේගු නිලධාරීන් පිරිසක් මෙම පෙට්ටි වල සදහන් ලිපිනය සොයා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබේ .
එහිදී එම ලිපිනයෙහි තිබී ඇත්තේ මෙම පෙට්ටි වල සදහන් පෞද්ගලික සමාගම නොව පෞද්ගලික නිවසකි .
ඒ අනුව මෙම පෙට්ටි ඉකුත් 08.28 දින රේගු නිලධාරීන් විසින් විවෘත කර පරීක්ෂා කර බලා තිබුණි .
එහිදී එම පෙට්ටි තුළ ඩුබායි හි නිෂ්පාදිත " බිස්නස් රෝයල් " වර්ගයේ දුම්වැටි 2,84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,420 ක් තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
මේ සිදුවීම පිළිබඳව කිසිවෙකු මේ වනවිට අත් අඩංගුවට නොමැති අතර , රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

