ඩඩ්ලි සිරිසේන මහතාට අවශ්‍ය ආකාරයට සහල් මාෆියාව ගෙනියෑමට ඉඩ නොදෙන බවත් රටේ එල්.එන්.ජී. බලාගාර ඉන්දියාවට කිසිසේත් ෙනාවිකුණන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලංගොඩ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක දීය.
“සහල් මිල සම්බන්ධව ගැසට් නිවේදනය ආපස්සට ගත්තේ සහල් මෝල් හිමියන් සහල් හිඟයක් මවා පාපු නිසා. රටේ සහල් මිල නියම කරන්නේ ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණයි. මෙරට කෝටි දෙකක් පමණ ජනගහනයට සහල් දෙනවද නැද්ද මිල වැඩි කරණකරනවද නැද්ද තීරණය කරන්නේ මෙරට ව්‍යාපාරිකයෝ කීපදෙනක්.
ඒක සාධාරණ නෑ ඒක කරන්න ඉඩ දෙන්නෙත් නෑ රජයක් විදිහට ඒ නිසා මුදල් ඇමතිතුමා කෙසේ හෝ රුපියල් සීයට හෝ ඊට අඩුවට ජනතාවට සහල් මිලදී ගන්නඅවශ්ය කටයුතු යොදන බව කිව යුතුයි.
එල්එන්ජී බලාගාර විකුණන්න අපි කිසිසේත් කටයුතු කරන්න නෑ මාධ්‍යවේදීන් විදිහට මේවට වැරදි අර්ථකථන දෙන්න එපා. අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධ වෙලා ආයෝජනය කරල මේ ආයතන ගොඩනඟන්න තමයි අපි උත්සාහ කරන්නේ. රටට ජනතාවට අසාධාරණයක් නොවන විදිහට සමාන තැනකට එන්න අපි සූදානම්”
බලංගොඩ රෝහණ වසන්ත