ටි 56 ගිනිඅවි සමඟ ආයුධ රැසක් සොයා ගැනේ
ටී 56 ගිනිඅවි දෙකක කොටස් සහ ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් ඇතුඵ හිස් පතුරම් කොපු ඇතුඵ ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර , තඹළවැව ප්රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ රහසිගත ලෙස සඟවා තිබියදි අද (17) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
පොලීසිය පවසන පරිදි ලද තොරතුරක් අනුව නිවසක අවි සහ කඩු සගවා ඇති බවට ලද තොරතුරක් අනුව එය පරික්ෂා කිරිමේදි ටී 56 අවි සදහා යොදා ගන්නා මැගසින් 02 , ටී 56 අවි දෙකක කොකින් හැඩල් 02 , බෝර 12 ගිනිඅවි සදහා භාවිතා කරන හිස් පතුරම් කොපු 08 , යුද හමුදාව භාවිතා කරන වෙබින් 01, පතුරම් ගැබි රදවන 01, අවි පටි 02, සහ කඩු 03ක් අත්අඩංගුවට ගත් බවත් ටී 56 ගිනිඅවි දෙකේ ඉතිරි කොටස් තිබේ දැයි නිවස සහ ගෙවත්ත දැඩි පරික්ෂාවකට ලක් කර ඉතිරි කොටස් හමු නොවු බව පොලීසිය පවසයි.
මෙම අවි හමු වු නිවසේ හිමිකරු යුද හමුදා සෙබලෙක් වන අතර ඔහු 6 වෙනි පාබළ රෙජිමේන්තුවේ ත්රිකුණාමල කඳවුරේ සේවය කරන බව පොලීසිය පවසන අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනිම සදහා ඉදිරි පරික්ෂණ ආරම්භ කර ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

