පොලොන්නරුව - මනම්පිටිය මාර්ගයේ ආච්චි බෝක්කුව අසළදී ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තත්ත්වයෙන් පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ත්රි්රෝද රථයේ රියදුරු හා එහි ගමන් කළ මගියෙකු මියගොස් ඇති අතර මගී කාන්තාව බරපතල තුවාල ලබා තිබේ.
මරණකරුවන්ගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවත් මනම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානය කියයි.